Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 2:19 - Sinhala Revised Old Version

19 ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 2:19
4 හුවමාරු යොමු  

දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය.


තවද යාකොබ් තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ දුව වන රාඛෙල්ද තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළුවන්ද දැක ළඟට ගොස් ළින් කටින් ගල අහකට පෙරළා තමාගේ මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළු රැළට වතුර පෙවුවේය.


ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: නුඹලා අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය.


ඒ මනුෂ්‍යයා කොහේද? ඔහු ඇරලා ආවේ මක්නිසාද? කෑම කන පිණිස ඔහුට අඬගසන්නැයි ඔහු තමාගේ දූවරුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්