තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පනත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,
නික්මයාම 19:8 - Sinhala New Revised Version 2018 එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය. Sinhala New Revised Version එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය. Sinhala Revised Old Version එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට සැලකළේය. |
තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පනත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,
එවිට ඔව්හු මෝසෙස් අමතමින්, “ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ.
මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.
පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.
සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.
සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.
“අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.