නික්මයාම 18:3 - Sinhala New Revised Version 2018 ඇගේ පුතුන් දෙදෙනා ද කැඳවාගෙන ආවේ ය. මොවුන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම් ය. එහි අර්ථය, මෝසෙස් කී ලෙස ‘මම අමුතු රටක ආගන්තුකයෙකු මෙන්, සිටියෙමි’ යනුයි. Sinhala New Revised Version ඇගේ පුතුන් දෙදෙනා ද කැඳවාගෙන ආවේ ය. මොවුන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම් ය. එහි අර්ථය, මෝසෙස් කී ලෙස ‘මම අමුතු රටක ආගන්තුකයෙකු මෙන්, සිටියෙමි’ යනුයි. Sinhala Revised Old Version ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම්ය; මක්නිසාද: මම අන් රටක ආගන්තුකයෙක්ව සිටියෙමියි මෝසෙස් කීවේය. |
සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.
ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.
මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.
ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ.
ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ.
ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.
දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.