එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
නික්මයාම 16:32 - Sinhala New Revised Version 2018 මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය. Sinhala New Revised Version මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය. Sinhala Revised Old Version මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් නුඹලා ගෙනා කල්හි වනාන්තරයේදී නුඹලා පෝෂණයකළ ආහාර නුඹලාගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය. |
එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, සෑම කෙනෙකු ම තම තමාට අවශ්‍ය ප්‍රමාණයට ඉන් එකතු කරගත යුතු ය. ගෙයි වැසියන්ගේ ගණන අනුව එකිනෙකා ලීටර් දෙක බැගින් ගත යුතු ය. තවද, ඔබ සැම කෙනෙකු ම තම කූඩාරමේ සිටින අයටත් ගෙන යා යුතු ය”යි කීවේ ය.
ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය.
ඉන්පසු මෝසෙස් ආරොන්ට කතා කොට, “බඳුනක් රැගෙන මන්නාවලින් ලීටර් දෙකක් එහි පුරවා ඔබේ මතු පරම්පරාවන් සඳහා එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තබන්නැ”යි කී ය.
එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.
දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.
උන් වහන්සේ පූප ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.