එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.
නික්මයාම 16:24 - Sinhala New Revised Version 2018 ඔව්හු මෝසෙස් කී පරිදි පසු දා වන තෙක් එය පැත්තකට කළ නමුත් එයින් දුගඳ නොහැමී ය. එහි එක පණුවෙක් වත් නො වී ය. Sinhala New Revised Version ඔව්හු මෝසෙස් කී පරිදි පසු දා වන තෙක් එය පැත්තකට කළ නමුත් එයින් දුගඳ නොහැමී ය. එහි එක පණුවෙක් වත් නො වී ය. Sinhala Revised Old Version ඔව්හු මෝසෙස් කී ලෙස පසුවදා උදය වනතුරු ඒවා තබාගත්තෝය. ඒවා දුර්ගන්ධ නොවීය, එහි කිසි පණුවෙක්ද නොවීය. |
එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.
මෝසෙස් කතා කොට, “ඒවා අද දින අනුභව කරන්න, මන්ද, අද සමිඳාණන් වහන්සේට කැප කළ නිවාඩු දිනය යි. අද ඒවා ඔබට කෙතෙහි සම්බ නොවන්නේ ය.
ඉන්පසු මෝසෙස් ආරොන්ට කතා කොට, “බඳුනක් රැගෙන මන්නාවලින් ලීටර් දෙකක් එහි පුරවා ඔබේ මතු පරම්පරාවන් සඳහා එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තබන්නැ”යි කී ය.