Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 16:20 - Sinhala New Revised Version 2018

20 එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එසේ වී නුමුත් ඔව්හු මෝසෙස්ට ඇහුම්කන්නොදී සමහරෙක් පසුවදා උදය වනතුරු එයින් ඉතුරුකළෝය, එය පණුවන් හැදී දුර්ගන්ධවිය. මෝසෙස් ඔවුන් කෙරෙහි කෝප විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:20
13 හුවමාරු යොමු  

ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.


කෝප වුවත් පව් නොකරන්න. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න.


ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති.


“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක;


ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.


උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.


“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.


මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය.


මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය.


මෝසෙස් ඔවුන්ට කතා කොට, “උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය.


ඔව්හු එකිනෙකා තම තමා කන ප්‍රමාණය අනුව උදයෙන් උදය එය රැස් කරගත්හ. අව්ව තද වූ විට එය දිය වී ගියේ ය.


ඔව්හු මෝසෙස් කී පරිදි පසු දා වන තෙක් එය පැත්තකට කළ නමුත් එයින් දුගඳ නොහැමී ය. එහි එක පණුවෙක් වත් නො වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්