ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 15:13 - Sinhala New Revised Version 2018

ඔබ මිදූ ජනතාව කුලුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබවහන්සේ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් යුක්තව ගෙනගියසේක. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මග පෙන්වූසේක.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 15:13
21 හුවමාරු යොමු  

එවිට ලොත් අදිමදි කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ, ඔහු ද, ඔහුගේ බිරිඳ ද, දූවරුන් ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ.


රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත.


ඔබ දවල් වලා ටැඹකින් ද ඔවුන් යන මාර්ගයෙහි දී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින් ද ඔවුන් ගෙන ගිය සේක.


එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක; එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.


පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්, ඔබේ සෙනඟ සිහි කළ මැනව. ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.


මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.


ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.


ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.


භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.


සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.


“වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.


එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි.


ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද?


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.


‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.


එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ, අධික ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින්,


දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.