ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 12:27 - Sinhala New Revised Version 2018

‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 12:27
18 හුවමාරු යොමු  

එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.


එවිට ජෙහෝෂාපාට් බිමට නැමුණේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද සමිඳාණන් වහන්සේට නමස්කාර කරමින් උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.


හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.


එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.


දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.


එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපනත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක.


ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.


“තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.


මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක.


ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.


‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.


ඇරත්, ‘මා මෙසේ කරන්නේ, මා මිසර දේශයෙන් පිටතට පැමිණි විට සමිඳාණන් වහන්සේ මට ඉටු කර දුන් දේ නිසා යැ’යි ඔබ ඒ දවසේ දී ඔබේ පුතු හට විස්තර කළ යුතු ය.


“නුඹ මට පුද කරන යාගයේ ලෙය මුහුන් සමඟ ඔප්පු නොකළ යුතු ය. තවද පාස්කු මංගල්‍යයේ යාගය ද උදය දක්වා නොතැබිය යුතු ය.


මෝසෙස් ද වහා බිමට හිස නමා නමස්කාර කෙළේ ය.


සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.


ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි.


එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය.