තවද, ජොෂියා රජ කතා කොට, “මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය.
නික්මයාම 12:11 - Sinhala New Revised Version 2018 “තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි. Sinhala New Revised Version “තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි. Sinhala Revised Old Version නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය. |
තවද, ජොෂියා රජ කතා කොට, “මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය.
නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.
එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන බැටළු පැටවෙකු බැගින් තෝරාගෙන, ඒ පාස්කු බැටළුවා මරන්න.
‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “පාස්කුව පිළිබඳ නියෝග මේ ය. කිසි ම විදේශිකයෙකු එයින් අනුභව නොකළ යුතු ය.
හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
“පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති පූප කන්න.
“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.
ඉශ්රායෙල් ජනයා මිසරයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ දී, සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,
එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;
ඈ උන් වහන්සේ පිටිපසින් පාමුල සිට හඬ හඬා, උන් වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඇගේ හිසකේවලින් පිසදමා, උන් වහන්සේගේ පාද සිඹ, සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.
ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි.
“ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.
ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.
එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.