නික්මයාම 11:10 - Sinhala New Revised Version 2018 මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය. Sinhala New Revised Version මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය. Sinhala Revised Old Version මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙහි මේ සියලු ආශ්චර්යයන් කළෝය. ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට නොහැරියේය. |
එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඉශ්රායෙල් ජනයාට යන්නට අවසර නුදුන්නේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඔවුන්ට යන්න අවසර නුදුන්නේ ය.
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ මිසරයට ආපසු ගිය විට, මා නුඹට ඉටු කරන්න බලය දුන් ඒ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියෙහි පෑ යුතු ය. එහෙත්, මම ඔහුගේ හිත දැඩි කරමි. සෙනඟට පිට වී යාමට ඔහු ඉඩ නොදෙනු ඇත.
එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.
සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.
“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක. සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”
මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක.
දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක.
“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.
ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.
මිසරවරුන් හා පාරාවෝ ඔවුන්ගේ සිත් දැඩි කරගත් ලෙස ඔබත් සිත් දැඩි කරගන්නේ කුමට ද? උන් වහන්සේ ඔවුන් මෝඩයන් කළ විට ඔවුන් සෙනඟට යන්නට අවකාශ දුන්නා නොවේ ද? ඉශ්රයෙල්වරුන් පිටත් ව ගියා නොවේ ද?