ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 10:8 - Sinhala New Revised Version 2018

මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙනෙනු ලැබූ හ. පාරාවෝ ඔවුන්ට කතා කොට, “නුඹලාට යන්න පුළුවන, ගොස් නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. එහෙත්, යන අය කවුරු දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙනෙනු ලැබූ හ. පාරාවෝ ඔවුන්ට කතා කොට, “නුඹලාට යන්න පුළුවන, ගොස් නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. එහෙත්, යන අය කවුරු දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට නැවත ගෙන්වනලද්දෝය. ඔහු: නුඹලා ගොස් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න. එහෙත් යන්නෝ කවුරුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 10:8
6 හුවමාරු යොමු  

එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි.


එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය.


එවිට පාරාවෝ රාත්‍රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, “නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න.


එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “යන්න, නුඹලා මේ දේශයෙහි ම නුඹලාගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නැ”යි කී ය.


එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය.


අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.