Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:8 - Sinhala Revised Old Version

8 මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට නැවත ගෙන්වනලද්දෝය. ඔහු: නුඹලා ගොස් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න. එහෙත් යන්නෝ කවුරුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙනෙනු ලැබූ හ. පාරාවෝ ඔවුන්ට කතා කොට, “නුඹලාට යන්න පුළුවන, ගොස් නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. එහෙත්, යන අය කවුරු දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙනෙනු ලැබූ හ. පාරාවෝ ඔවුන්ට කතා කොට, “නුඹලාට යන්න පුළුවන, ගොස් නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. එහෙත්, යන අය කවුරු දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:8
6 හුවමාරු යොමු  

එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: නුඹලා ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. නුඹලාගේ බාලයෝද නුඹලා සමඟ යෙත්වයි කීවේය.


ඔහු රාත්‍රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් නුඹලාත් ඉශ්‍රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න.


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි.


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.


ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: නුඹලා ගොස් දේශයෙහිදී නුඹලාගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකරන්නැයි කීවේය.


ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම නුඹලා තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්