ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 10:25 - Sinhala New Revised Version 2018

මෝසෙස් එවිට ඔහුට උත්තර දෙමින්, “අප දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා කරන පිණිස ඔබ අපට යාග හා දවන පඬුරු ද දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝසෙස් එවිට ඔහුට උත්තර දෙමින්, “අප දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා කරන පිණිස ඔබ අපට යාග හා දවන පඬුරු ද දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස්: අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස ඔබ අපේ අත්වලට පූජාද දවන පූජාද දිය යුතුය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 10:25
8 හුවමාරු යොමු  

එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය.


එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය.


එබැවින් අපගේ ගවසම්පත ද අප සමඟ යා යුතු ය. එක සතෙකු වත් මෙහි ඉතුරු නොකරනු ඇත. අප එහි යන තෙක් සමිඳාණන් වහන්සේට කුමකින් වැඳුම්පිදුම් කළ යුතු ද කියා අපි නොදනිමු”යි කී ය.


පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි.


ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය.


ඉන්පසු ආරොන් සෙනඟ දෙසට තම අත ඔසවා ඔවුන්ට ආශීර්වාද කොට පාප පූජාව, දවන යාග පූජාව සහ සහභාගිකමේ පූජාව පුදා එම ස්ථානයෙන් බැස ආවේ ය.