Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 9:22 - Sinhala New Revised Version 2018

22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට තම අත ඔසවා ඔවුන්ට ආශීර්වාද කොට පාප පූජාව, දවන යාග පූජාව සහ සහභාගිකමේ පූජාව පුදා එම ස්ථානයෙන් බැස ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට තම අත ඔසවා ඔවුන්ට ආශීර්වාද කොට පාප පූජාව, දවන යාග පූජාව සහ සහභාගිකමේ පූජාව පුදා එම ස්ථානයෙන් බැස ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ආරොන් සෙනඟ දෙසට තමාගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකොට පාප පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකළ ස්ථානයෙන් බැස්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 9:22
16 හුවමාරු යොමු  

උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක.


එවිට ලෙවීගේ පුත්‍රයන් වන පූජකවරුන් එහි ආ යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේට සේවය කිරීමටත්, උන් වහන්සේගේ නාමයෙන් ආසිරි දීමටත් උන් වහන්සේ තෝරාගත්තෝ ඔව්හු ය. සෑම වාද විවාද සහ අඬදබර ඔවුන්ගේ තීන්දුවෙන් තේරුම් බේරුම් කරගත යුතු වේ.


නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.


දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”


උන් වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කළ සේක.


එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!


රජ තෙමේ සෙනඟ දෙසට හැරී මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී මුළු සභාවට ආශීර්වාද කෙළේ ය.


අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.


තවද, ඔහු සිටගෙන මහත් හඬින් ඉශ්රායෙල්වරුන්ගේ සභාවට ආශීර්වාද කරමින් මෙසේ කී ය:


එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්