එතුමාණෝ ඔවුන්ගේ අස්වැන්න දළඹුවන්ට දුන් සේක; ඔවුන්ගේ ශ්‍රමයේ පලදාව පළඟැටියන්ට දුන් සේක.
නික්මයාම 10:15 - Sinhala New Revised Version 2018 උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය. Sinhala New Revised Version උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය. Sinhala Revised Old Version මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය. |
එතුමාණෝ ඔවුන්ගේ අස්වැන්න දළඹුවන්ට දුන් සේක; ඔවුන්ගේ ශ්‍රමයේ පලදාව පළඟැටියන්ට දුන් සේක.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළඟැටියන් එන පිණිස මිසර දේශය දෙස ඔබේ අත දිගු කරන්න. උන් මිසර දේශයට වැදී රටේ ඇති සැම පැළෑටියක් ද ගල් වර්ෂාවෙන් බේරී ඉතිරි වූ සියල්ල ද කාදමනු ඇතැ”යි වදාළ සේක.
පොළොව නොපෙනී යන තරමට ම උන් පොළෝ තලය වසාගනු ඇත. ගල් වර්ෂාවෙන් බේරී ඔබට ඉතිරි වූ සෙස්ස ද කෙතෙහි ඔබේ ප්‍රයෝජනය සඳහා වැඩෙන සැම ගහක් ද උන් කා දමනු ඇත.
පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.
නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.
ඒ පළඟැටියන් දේශයේ ඇතිතාක් සියලු පලා වර්ග කාදමනු මම දිටිමි. එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ සෙනඟට කමා වුව මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.
මොහු අමවු නම් රටේ යුප්‍රටීස් නදිය අසල වූ පෙතෝර් නම් නගරයේ විසූ බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට දූතයන් යවමින්, ඔහුට මෙසේ දැන්විය: “බලන්න, මිසරයෙන් පිටතට පැමිණි සෙනඟක් මෙහි ඇත. ඔව්හු මගේ රට පුරා පැතිරී, එය අල්ලාගැනීමට තර්ජනය කරති.