නික්මයාම 10:12 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළඟැටියන් එන පිණිස මිසර දේශය දෙස ඔබේ අත දිගු කරන්න. උන් මිසර දේශයට වැදී රටේ ඇති සැම පැළෑටියක් ද ගල් වර්ෂාවෙන් බේරී ඉතිරි වූ සියල්ල ද කාදමනු ඇතැ”යි වදාළ සේක. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළඟැටියන් එන පිණිස මිසර දේශය දෙස ඔබේ අත දිගු කරන්න. උන් මිසර දේශයට වැදී රටේ ඇති සැම පැළෑටියක් ද ගල් වර්ෂාවෙන් බේරී ඉතිරි වූ සියල්ල ද කාදමනු ඇතැ”යි වදාළ සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පළඟැටියන් මිසර දේශය පිටට අවුත් දේශයේ සියලු පලා ජාතීන් එනම් ගල් වර්ෂාවෙන් ඉතුරුව තිබෙන සියල්ල කා දමන පිණිස නුඹේ අත මිසර දේශය කෙරෙහි දිගුකරන්නැයි කීසේක. |
උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක.