භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
නාහුම් 1:8 - Sinhala New Revised Version 2018 එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගොස් අන්ධකාරයට නෙරපාදමන සේක. Sinhala New Revised Version එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගොස් අන්ධකාරයට නෙරපාදමන සේක. Sinhala Revised Old Version නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක. |
භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය. ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය. සඳ ද එළිය නොදෙන්නේ ය.
දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.
අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”
එවිට ඔබ මරණය සමඟ කරගත් ගිවිසුම කඩ කරන්නහු ය; පාතාල ලෝකය සමඟ කරගත් එකඟත්වය අවලංගු කරන්නහු ය. කඩාගෙන, බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහු ය.
ඔවුන්ට පහර දෙන පිණිස සමිඳුන් ශක්තිමත්, බලවත් කෙනෙකු සූදානම් කර ඇත. ඔහු, ගල් වැස්සක් මෙන් ද වැහි කුණාටුවක් මෙන් ද ගසාගෙන යන මහා ජල ගැලීමක් මෙන් ද මුළු දේශය සම්පූර්ණයෙන් යටත් කරන්නේ ය.
පොළොව දෙස බැලුවත් විපත හා අන්ධකාරය මිස වෙන කිසිවක් නොදකිති. ඒ භයානක අන්ධකාරයට ඔව්හු පන්නා දමනු ලබන්නෝ ය. මේ කරදර සහිත කාලයෙන් බේරෙන්නට මඟක් ඔවුන්ට කිසිසේත් ඇති නොවේ.
ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.
‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.” ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.
එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත.
කැඩී ගිය අමුණකින් වතුර ගලා යන්නාක් මෙන් නිනිවයේ සෙනඟ පලා යති. “නවතින්න, නවතින්න” කියා කෑගසන නමුත්, කිසිවෙකු වත් ආපසු හැරෙන්නේ නැත.
සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත.
එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක.
එතුමාණෝ තම සුදනන්ගේ දිවි රක්නා සේක; එහෙත්, දුදනෝ අඳුරෙහි වැනසෙන්නෝ ය. සිය සවියෙන් පමණක් කිසිවෙක් ජය නොගන්නේ ය.