Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 13:9 - Sinhala New Revised Version 2018

9 දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 බලව, දේශය පාළුකර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස ස්වාමීන්වහන්සේගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 13:9
27 හුවමාරු යොමු  

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.


උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.


“මොරගසා වැලපෙන්න. සමිඳුන්ගේ දවස එනම්, සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.


සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.


පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති; ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති.


එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”


සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය; සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය. කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.


නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත.


අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.


උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය.


එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගො‍ස් අන්ධකාරයට නෙරපාදමන සේක.


සමිඳාණන් වහන්සේ ක්‍රියා කරන දවස පැමිණෙන්නේ ය. එකල ඔබ කොල්ලකනු ලැබ කොල්ලය ඔබේ ඇස් හමුයෙහි බෙදනු ලැබේ.


ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක;


සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ.


මාගේ සෙනඟ ගළවාගත යුතු කාලය පැමිණ ඇති බවත්, ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දිය යුතු දවස පැමිණ ඇති බවත් මම සිතට ගතිමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය.


මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.


“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.


ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්