මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
දේශනාකාරයා 9:2 - Sinhala New Revised Version 2018 සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත. Sinhala New Revised Version සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත. Sinhala Revised Old Version සියලු දේ සියල්ලන්ට ඒකාකාරයෙන් සිදුවන්නේය. ධර්මිෂ්ඨයාට සහ දුෂ්ටයාටත් යහපත් අයට සහ පවිත්‍ර අයටත් අපවිත්‍ර අයටත් පූජාකරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධවෙන්නේ එක දෙයක්ය. යහපත් මනුෂ්‍යයා සහ පව්කාරයාත් දිවුරන්නා සහ දිවුරුමට භය ඇත්තාත් ඒකාකාරය. |
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය.
දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
ඉතින්, මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එක ම ඉරණමකි. තිරිසනා මෙන් ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙගොල්ල ම මවා ඇත්තේ එක අයුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැම දෙය ම නිස්සාර ය.
අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ නියමය වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.
මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.
මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ම අවසානයක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.
පුරුෂයෝ ද ස්ත්‍රීහු ද දරුවෝ ද රාජ කුමාරිකාවෝ ද රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත් වූ අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නවත්වනු ලැබූ සියලු දෙනා ද යන මොවුහු දිවැසිවර ජෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද රැගෙන,
අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”
එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත.