දේශනාකාරයා 5:5 - Sinhala New Revised Version 2018 ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය. Sinhala New Revised Version ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය. Sinhala Revised Old Version නුඹ වුණ බාරය ගෙවන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය. |
යමෙකු නොදැනුවත්කමින් හොඳක් හෝ නපුරක් හෝ කරන්නට වචනයෙන් දිවුරා යමක් ගැන අනිසි ලෙස භාරයක් වුවහොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.
එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.”
දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය.
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.