Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 23:22 - Sinhala New Revised Version 2018

22 බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එහෙත් නුඹ බාරයක් නොවී සිටියොත් එයින් නුඹට පාපයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 23:22
8 හුවමාරු යොමු  

“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.


ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය.


“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.


ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය.


දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න.


දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි; මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.


බාරයක් වෙන්න පෙර සිතා බලන්න, බාර වීමෙන් පසු ළතැවීමෙන් පලක් නැත.


ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්