ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 33:14 - Sinhala New Revised Version 2018

හිරු රැසින් උපදින ප්‍රණීත පල ද සඳ සමඟ උපදින වටිනා අස්වැන්න ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හිරු රැසින් උපදින ප්‍රණීත පල ද සඳ සමඟ උපදින වටිනා අස්වැන්න ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සූර්යයාගේ අනර්ඝ අස්වැන්නෙන්ද චන්ද්‍ර මාසවල අනර්ඝ වැවිලිවලින්ද

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 33:14
15 හුවමාරු යොමු  

වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළො‍වේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.


මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි.


දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.


සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,


සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.


මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය.


එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.


මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.


එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ.


“ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක.


ජෝසෙප්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “සමිඳාණෝ ඔවුන්ගේ රටට ආසිරි වස්වනු සේක් වා! අහසින් වැටෙන පිනි බිඳු සම්පත ද පොළොව යට ඇති අගනා සම්පත ද


පැරණි උස කඳුකරයේ අගනා දේ ද සදාතන හෙල්වල වටිනා වස්තු ද


උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.


එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.