සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.
ද්විතීය නීතිය 31:5 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපනත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මොවුන් නුඹලාට පාවාදුන් කල්හි මා විසින් නුඹලාට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න. |
සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.
උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.
සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.