අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පනත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.
ද්විතීය නීතිය 31:11 - Sinhala New Revised Version 2018 කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය. Sinhala New Revised Version කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය. Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් ආ විට, මේ ව්‍යවස්ථාව සියලු ඉශ්‍රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියවන්න. |
අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පනත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.
ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය.
දෙ වන දා මුළු සෙනඟගේ පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද නව ව්‍යවස්ථාව උගෙනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූ හ.
තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.
ඔව්හු තමන්ගේ ස්ථානයෙහි නැඟිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වෝ ය; තවත් හතරෙන් කොටසක් තුළ එකිනෙකා පාපෝච්චාරණය කර, දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය; සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය.
නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.
ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.
මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.
තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.
සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.
ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.