මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”
ද්විතීය නීතිය 3:22 - Sinhala New Revised Version 2018 ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේකැ’යි කීවෙමි.” Sinhala New Revised Version ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේකැ’යි කීවෙමි.” Sinhala Revised Old Version ඔවුන්ට භය නොවන්න. මක්නිසාද නුඹලා උදෙසා සටන්කරන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීමි. |
මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”
ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කළ බව දේශ දේශාන්තරවල රාජ්‍යයන් ඇසූ විට, ඔව්හු දෙවියන් වහන්සේ ගැන භීතියට පත් වූ හ.
යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි.
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “රජුට බිය නොවන්න; නුඹ අතට ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් මම පාවාදෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නුඹ කළාක් මෙන්, ඔහුටත් දඬුවම් කළ යුතු ය”යි වදාළ සේක.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.
ඔබ ගළවාගැනීමට ඔබ වෙනුවෙන් සතුරන්ට විරුද්ධ ව සටන් කරන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වඩින සේකැ’යි කිව යුතු ය.
“එකල මම ජෝෂුවාට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අන් රජුන් දෙදෙනාට කළ දේ දෑසින් ම ඔබ දුටුවෙහි ය. ඔබ ආක්‍රමණය කරන සියලු රාජධානිවලට උන් වහන්සේ එලෙස කරන සේක.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය.