Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:34 - Sinhala New Revised Version 2018

34 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “රජුට බිය නොවන්න; නුඹ අතට ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් මම පාවාදෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නුඹ කළාක් මෙන්, ඔහුටත් දඬුවම් කළ යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “රජුට බිය නොවන්න; නුඹ අතට ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් මම පාවාදෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නුඹ කළාක් මෙන්, ඔහුටත් දඬුවම් කළ යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔහුට භය නොවන්න. මක්නිසාද ඔහු හා ඔහුගේ සියලු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවාදුනිමි; හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් නුඹ ඔහුටත් කරන්නෙහියයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:34
24 හුවමාරු යොමු  

එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක.


මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”


මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන් වහන්සේ මෝවබ්වරුන් ද ඔබ අතට පාවා දෙන සේක.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.


එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.


ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්,


ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක.


ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.”


ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න.


උන් වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ බලයට පාවා දෙනු ඇත. ඔබ ද ඔවුන්ගේ නම මිහි පිටින් මකා දැමිය යුතු ය. ඔබ ඔවුන් වනසාලන විට කිසිවෙකුට ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වනු ඇත.


“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”


සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.


ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති.


“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.


“ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ.


“ ‘මේ ජාතීහු අපට වඩා බහුල ය. අප ඔවුන් පන්නා දමන්නේ කෙසේ දැ’යි ඔබට සිතෙන විට


ඔවුන්ට බිය නොවන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාරාවෝ රජුට හා මුළු මිසරයට කළ දේවල් ද,


ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබ අතර වැඩ සිටින ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බලවත්, බිය උපදවන දෙවි කෙනෙකු වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්