ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පනත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
ද්විතීය නීතිය 29:9 - Sinhala New Revised Version 2018 එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න. Sinhala New Revised Version එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න. Sinhala Revised Old Version එබැවින් නුඹලා කරන සියල්ලෙහි නුඹලා සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න. |
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පනත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය.
ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය.
හිමිතුමාණන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමාණන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
ඔව්හු සියොන් කන්දට යන මාර්ගය කුමක් දැ යි අසමින් ඒ දෙසට ගමන් කරන්නෝ ය. ‘එන්න අපි සමිඳාණන් වහන්සේ සමඟ අමතක නොවන සදාතනික ගිවිසුමක් කරගනිමු’යි ඔව්හු කියන්නෝ ය.
උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය.
“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද
ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය.
ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.
උන් වහන්සේ මේ ගිවිසුම කෙළේ, අපේ පියවරුන් සමඟ නොව අද දින ජීවත් ව සිටින අප සියල්ලන් ද සමඟ ය.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.
ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය.
ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.