Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 8:35 - Sinhala New Revised Version 2018

35 ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 8:35
15 හුවමාරු යොමු  

ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය.


පූජකයා වන එස්රා ද හත් වන මාසයේ පළමු වන දා සභාව එනම්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි අය ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත්,


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිට, ජුදාහි නගරවලින් නමස්කාර කරන්නට එන සියලු දෙනාට මා නුඹට අණ කළ සියලු වචන කියන්න; වචන මාත්‍රයක් වත් අඩු නොකර කියන්න.


එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර,


ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.


සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!


මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ.


ඔබේ කුඩා දරුවෝ ද භාර්යාවෝ ද දර පළන්නා පටන් වතුර අදින්නා දක්වා ඔබේ කඳවුරේ සිටින විදේශිකයෝ ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෝ ය.


මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි.


මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය.


තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.


ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”


එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න.


“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද


වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි අය ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්