මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත.
ද්විතීය නීතිය 29:25 - Sinhala New Revised Version 2018 එවිට මිනිස්සු පිළිතුරු දෙමින් මෙසේ කියන්නෝ ය: ‘මොවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළ ගිවිසුම ඔව්හු අත්හැර ගොස්, Sinhala New Revised Version එවිට මිනිස්සු පිළිතුරු දෙමින් මෙසේ කියන්නෝ ය: ‘මොවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළ ගිවිසුම ඔව්හු අත්හැර ගොස්, Sinhala Revised Old Version එවිට මනුෂ්‍යයෝ කථාකොට: ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම ඔවුන් අත්හැර ගොස්, |
මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත.
එවිට මිනිස්සු උත්තර දෙමින්, ‘ඔවුන් තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම් ව, ඔවුන්ට නමස්කාර කොට, වැඳුම්පිදුම් කළ නිසා සමිඳාණන් වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට පැමිණෙවු සේකැ’යි කියන්නෝ ය.”
උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.
තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන,
ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත.
තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,
එවිට සමිඳාණන් වහන්සේ මෙසේ කියනු ඇතැ යි ඔවුන්ට කියන්න. ‘නුඹලාගේ පියවරු මා අත්හැර අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කර, නමස්කාර කර, මා අත්හැර දමා මාගේ ව්‍යවස්ථාව ද නොපැවැත්වූ හ.
“බොහෝ විජාතීන් මේ නගරය ළඟින් යමින්, ස්වාමීන් වන මා මේ උදාර නගරයට මෙසේ කෙළේ මන්දැ යි එකිනෙකාගෙන් අසනු ඇත.
එවිට ඔවුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් තමන්ගේ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාර කොට, ඔවුන්ට සේවය කළ නිසා ය’යි කියනු ඇත.”
ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී මා ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ව සිටිය දී මා සමඟ කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.
ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.
එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි.