‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.
ද්විතීය නීතිය 29:2 - Sinhala New Revised Version 2018 මෝසෙස් මුළු ඉශ්රායෙල් සෙනඟ කැඳවා ඔවුන් අමතා මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මිසර දේශයෙහි ඔබේ ඇස් ඉදිරියෙහි දී පාරාවෝ රජුටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත්, මුළු රටටත් කළ Sinhala New Revised Version මෝසෙස් මුළු ඉශ්රායෙල් සෙනඟ කැඳවා ඔවුන් අමතා මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මිසර දේශයෙහි ඔබේ ඇස් ඉදිරියෙහි දී පාරාවෝ රජුටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත්, මුළු රටටත් කළ Sinhala Revised Old Version මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ මිසර දේශයෙහි නුඹලාගේ ඇස් ඉදිරියේදී ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද ඔහුගේ මුළු දේශයටද කළාවූ සියල්ල වන |
‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.
ඉන්පසු මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතින් නික්ම ගියහ. මෝසෙස්, පාරාවෝට පීඩා කිරීමට සැලැසූ මැඩියන් ගැන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය.
මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.
සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.