ද්විතීය නීතිය 29:17 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය. Sinhala New Revised Version ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය. Sinhala Revised Old Version ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද නුඹලා දුටුවහුය.) |
නුඹලා වාසය කළ මිසර දේශයෙහි වැසියන්ගේ ක්‍රියා නුඹලා අනුගමනය නොකළ යුතු ය. තවද, මා නුඹලා පමුණුවන්නට යන කානාන් දේශයේ වැසියන්ගේ ක්‍රියා ද අනුගමනය නොකළ යුතු ය. ඔවුන්ගේ නියෝගයන්ට ද කීකරු නොවිය යුතු ය.
එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න.
“සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.
“මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය.
එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.