ද්විතීය නීතිය 28:22 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹට පහරදෙනසේක; නුඹ නැතිවීයන තුරු ඒවා නුඹ එළවාගන එනවා ඇත. |
“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද
“දේශයට සාගතයක් නොහොත් වසංගතයක් පැමිණියොත්, වැසි නැත්නම්, ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය, පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණීම සිදු වුවහොත්, ඔවුන්ගේ දේශයේ නගර ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගනු ලබන්න හෝ යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ පමුණුවනු ලබන්න යෙදුණොත්,
ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.
“මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මා දේශය පිට ද කඳු හෙල් පිට ද නියඟයක් පමුණුවා ඇත; තෘණ භූමි ද මිදි වතු ද ඔලීව වතු ද හැම භවහෝග වගාවන් ද මිනිසුන් හා සිවුපාවුන් ද ඔවුන් කරන හැම වගාවන් ද පිට එය පමුණුවා ඇත.”
නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද් ද? එසේ ම මිදි වැල්වලත් අත්තික්කා ගස්වලත් දෙළුම් ගස්වලත්, ඔලීව ගස්වලත් පල හටගෙන ඇද් ද? නැත. අද පටන් මම නුඹලාට ආශීර්වාද කරන්නෙමි.”
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.
ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත.
ඔවුන් සාගින්නෙන් දැවෙනු ඇත. දැඩි උණකට, දරුණු වංසගතයට බිලි වනු ඇත. ඔවුන් ඉරාදැමීමට වන සතුන් එවමි. සර්ප විසෙන් ඔවුන් වනසාදමමි.
මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.