ද්විතීය නීතිය 25:19 - Sinhala New Revised Version 2018 එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.” Sinhala New Revised Version එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.” Sinhala Revised Old Version එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට නුඹට දෙන දේශයේදී වටකර සිටින නුඹේ සියලු සතුරන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න. |
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක.
මන්ද, ‘ඔබ සමිඳාණන් වහන්සේගේ ධජයට අත ගසන්න, උන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්වරුන් සමඟ සටන් කරන සේකැ’යි උන් වහන්සේ වදාළ බැවිනි.
මන්ද, ඔබ තව ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දෙන්නට යන උරුමයටත්, වාසස්ථානයටත් නොපැමිණියහු ය.
මුළු රැය ම ඔහුගේ මළකඳ ගසේ තිබෙන්නට නෑර, කෙසේ නමුත් එදින ම එය භූමදාන කළ යුතු ය. එල්ලා මරන ලද තැනැත්තා, දේව සාපයට පාත්‍ර වූ කෙනෙකි. මෙසේ කිරීමෙන් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශය දූෂ්‍ය නොවන්නේ ය.
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු,
“මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය.
මිහි පිටින් ඔවුන්ගේ නම මකා දමා, ඔවුන් වනසාලනු පිණිස මට ඉඩ හරින්න. එහෙත්, මම නුඹගෙන්, ඔවුන්ට වඩා බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් පිහිටුවමි’යි වදාළ සේක.
මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් වට කර සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට ආරක්ෂාව දී බොහෝ කලක් ගත වූ පසු, ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය.
යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.
ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.
ඔහු වික්‍රමාන්විත ක්‍රියා කරමින් අමලෙක්වරුන්ට පහර දී ඉශ්රායෙල්වරුන්ව කොල්ලකන අයගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේ ය.
දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ.