Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:9 - Sinhala New Revised Version 2018

9 මන්ද, ඔබ තව ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දෙන්නට යන උරුමයටත්, වාසස්ථානයටත් නොපැමිණියහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මන්ද, ඔබ තව ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දෙන්නට යන උරුමයටත්, වාසස්ථානයටත් නොපැමිණියහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:9
12 හුවමාරු යොමු  

“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.


කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”


එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”


නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.


තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,


සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ම, ඔබේ සෙසු ජනතාවට ද විවේකය දෙන තෙක්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ජොර්දානෙන් එතෙර ඔබට දුන් දේශය ඔබ භටයන් අයිති කරගන්නා තෙක් ඔබ එලෙස නැවතී සිටිය යුතු ය. ඉන්පසු මා ඔබට දුන් දේශයට සියල්ලන් ම හැරී ආ යුතු ය’යි කීවෙමි.


“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.


“අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය.


මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.


කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්