ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.
ද්විතීය නීතිය 21:20 - Sinhala New Revised Version 2018 මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය. Sinhala New Revised Version මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය. Sinhala Revised Old Version මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා. |
ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.
එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”