මිදි වත්තක් වවා එහි පලදාව භුක්ති නොවින්ද යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙක් එහි පලදාව භුක්ති විඳින්නට පුළුවන.
මිදි වත්තක් වවා එහි ඵල භුක්ති නොවින්ද මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් එය භුක්ති විඳිනවා ඇත.
ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.
නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය.
ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”
සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද් ද? මිදි වත්තක් වවා එහි පල නොකන කෙනෙක් ඇද් ද? ගව රැළක් ඇති කර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක් ද?
“එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත.
කාන්තාවක හා විවාහ ගිවිසගත් නමුත් ඈ සරණ පාවා නොගත් යමෙක් සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙකු ඇය සරණ පාවාගන්නට පුළුවන.