“සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනෙන්න. ඔහු කී දේට කන් දුන් සියල්ලන් ඔහුගේ හිස මත අත් තබා, මුළු ජනතාව ම ඔහුට ගල් ගැසිය යුතු ය.
ද්විතීය නීතිය 17:7 - Sinhala New Revised Version 2018 ඔහු මරනු සඳහා පළමුවෙන් සාක්ෂිකරුවන් ද ඉන්පසු සියලු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ඔහුට ගල් ගැසිය යුතු ය. මේ අයුරින් ඔබ ඒ දුෂ්ටකම ඔබ අතරෙන් පහකළ යුතු ය. Sinhala New Revised Version ඔහු මරනු සඳහා පළමුවෙන් සාක්ෂිකරුවන් ද ඉන්පසු සියලු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ඔහුට ගල් ගැසිය යුතු ය. මේ අයුරින් ඔබ ඒ දුෂ්ටකම ඔබ අතරෙන් පහකළ යුතු ය. Sinhala Revised Old Version ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය. |
“සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනෙන්න. ඔහු කී දේට කන් දුන් සියල්ලන් ඔහුගේ හිස මත අත් තබා, මුළු ජනතාව ම ඔහුට ගල් ගැසිය යුතු ය.
ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා
සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.
වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඉවත් කිරීමට එවැන්නෙකු වෑයම් කළ බැවින් ඔහුට ගල් ගසා මරාදැමිය යුතු ය.
ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.
“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,
මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය.
දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. මේ අයුරින් ඉශ්රායෙල් ජනයා අතරෙන් දුෂ්ටකම පහකළ යුතු වේ.
සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය.
එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”
ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
“යමෙකු ඉශ්රායෙල් ජනයා අතර කෙනෙකු පැහැරගෙන ඔහු වහලෙකු කළොත් හෝ ඔහු විකුණුවොත් හෝ එවැනි සොරෙකු මරාදැමිය යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු ය.
ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ.