තවද, ජොෂියා රජ කතා කොට, “මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය.
ද්විතීය නීතිය 16:2 - Sinhala New Revised Version 2018 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය. Sinhala New Revised Version එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය. Sinhala Revised Old Version එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න. |
තවද, ජොෂියා රජ කතා කොට, “මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය.
ජොෂියා රජ ද පැමිණ සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිස ම ගණනේ හැටියට බැටළු පැටවුන් ද එළු පැටවුන් ද තිස්දහසකුත්, ගොනුන් තුන්දහසකුත් තමාගේ ම සම්පතෙන් දුන්නේ ය.
නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.
“තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.
පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි.
එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, “ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.
ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි.
තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.
සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.
ඔබ ද ඔබේ දරුදැරියන් ද දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඒවා වැළඳිය යුත්තේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරා, නියම කරන ස්ථානයෙහි උන් වහන්සේ ඉදිරියෙහි ය. තවද, ඔබ අතින් පුදන සියල්ල ගැන ද උන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
ඔබ සතු ශුද්ධ දේවල් සහ බාර පමණක් රැගෙන සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට යා යුතු ය.
ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයේ දී අවුරුද්දක් පාසා ඔබත්, ඔබේ ගෙවැසියනුත් උන් වහන්සේ අබිමුව උගේ මස් කෑ යුතු ය.
“ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.
ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර පූප නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන පූප එනම්, නුමුහුන් පූප කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් පූප ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය.