ද්විතීය නීතිය 16:13 - Sinhala New Revised Version 2018 “ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය. Sinhala New Revised Version “ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය. Sinhala Revised Old Version නුඹේ පාවරෙන්ද මිදිපැසෙන්ද රැස්කරගත් පසු දවසක් කූඩාරම් මංගල්‍යය පවත්වන්න. |
සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති පූප මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය.
ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ.
තවද, නුඹ කෙතේ වගා කළ ධාන්‍යවල නාඹුල් පල නෙළන විට අගස් පල මංගල්‍යය පැවැත්විය යුතුයි. අවුරුද්ද අවසානයේ දී වතුපිටිවලින් නුඹේ පලතුරු රැස් කරන විට අස්වැන්නේ මංගල්‍යය සිදු කළ යුතු ය.
“තවද නුඹ සති මංගල්‍යය ද තිරිඟු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යය ද අවුරුද්ද අවසානයේ දී පලතුරු රැස් කිරීමේ මංගල්‍යය ද පැවැත්විය යුතු ය.
මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.
අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක් ද ඔප්පු කළ යුතු ය.
තවද, මෝසෙස් ඔවුන්ට මෙසේ අණ කරමින්, “සෑම සත් අවුරුද්දක් කෙළවර දී, මිදීමේ අවුරුද්ද පැමිණි විට,