ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 15:17 - Sinhala New Revised Version 2018

විදින කටුවක් ගෙන, ඔහුගේ කන දොරට තද කර එය විදිය යුතු ය. ඉන්පසු ඔහු සදහට ම ඔබේ සේවකයා වනු ඇත. ඔබේ දාසියට ද එලෙස කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

විදින කටුවක් ගෙන, ඔහුගේ කන දොරට තද කර එය විදිය යුතු ය. ඉන්පසු ඔහු සදහට ම ඔබේ සේවකයා වනු ඇත. ඔබේ දාසියට ද එලෙස කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම නුඹේ දාසයා වන්නේය. නුඹේ දාසීටත් එසේම කරන්න.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 15:17
6 හුවමාරු යොමු  

එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්,


ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතු ය. දොර හෝ උළුවහු කණුව හෝ ළඟට ඔහු ගෙන ගොස්, ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහට ම ස්වාමියාට සේවය කළ යුතු වේ.


“එහෙත් එවැන්නෙකු ඔබ සමඟ යෙහෙන් සිටි බැවින්, ඔබට කතා කොට, ‘මා ඔබටත්, ඔබේ ගෘහයටත් කැමැති බැවින් ඔබෙන් වෙන් ව යාමට කැමැති නැත’ කියා කීවොත්


දාසයෙකු නිදහස් කර යන්නට හරින විට ඔහු කෙරෙහි අමනාපයක් නොදක්වන්න. මන්ද, ඔහු සාවුරුද්දක් ඔබට සේවය කිරීම නිසා ඔහුගේ අගය කුලීකරුවෙකුගේ අගය මෙන් දෙගුණයක් වන බැවිනි. මෙලෙස ඔබ ඉටු කළොත් ඔබේ වැඩ කටයුතු සියල්ලෙහි දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”


එහෙත්, හන්නා ගියේ නැත. මන්ද, “ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැම කල්හි ම නැවතී සිටින පිණිස කිරි වැරූ පසු ඔහු ගෙන යන තුරු මම නොයමි”යි ඈ ඇගේ පුරුෂයාට කීවා ය.