දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීම සඳහා තෝරාගත් ස්ථානය දුර නම්, මා ඔබට අණ කළ පරිදි උන් වහන්සේ දුන් ගව පට්ටිවලින් සහ එළු බැටළු පට්ටිවලින් ඔබ කැමැති පරිදි සතුන් මරා, වාසල් දොරටු ඇතුළත ඔබට අනුභව කළ හැකි ය.
ද්විතීය නීතිය 12:22 - Sinhala New Revised Version 2018 මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය. Sinhala New Revised Version මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය. Sinhala Revised Old Version මුව මස්ද ගෝන මස්ද මෙන් නුඹ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන. |
දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීම සඳහා තෝරාගත් ස්ථානය දුර නම්, මා ඔබට අණ කළ පරිදි උන් වහන්සේ දුන් ගව පට්ටිවලින් සහ එළු බැටළු පට්ටිවලින් ඔබ කැමැති පරිදි සතුන් මරා, වාසල් දොරටු ඇතුළත ඔබට අනුභව කළ හැකි ය.
එහෙත් ලේ කෑමෙන් නම් පරෙස්සම් විය යුතු ය. මන්ද, ලේ ප්‍රාණය වන බැවින්, මස් සමඟ ලේ අනුභව නොකළ යුතු ය.
මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් ඔබේ වාසල් දොරටු ඇතුළත දී පවිත්‍ර වූ ද අපවිත්‍ර වූ ද සෑම කෙනෙකුට ම උගේ මස් කෑ හැකි ය.