ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජොයෙල් 1:20 - Sinhala New Revised Version 2018

වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

වනයේ මෘගයෝ පවා ඔබවහන්සේ දෙස බලා හතිදමති. මක්නිසාද වතුර ඔයවල් හිඳීගියේය, කාන්තාරයේ පිට්ටනිද ගින්නෙන් නාස්තිවිය.

පරිච්ඡේදය බලන්න



ජොයෙල් 1:20
9 හුවමාරු යොමු  

ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය.


ආහබ් ඔබදියාට කතා කොට, “දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය.


කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?


සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.


සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.


එතුමාණෝ මෘගයන්ටත්, හඬන කපුටු පැටවුන්ටත් කෑම දෙන සේක.


දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.


මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ.


අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.