රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?
එදිරිකාරයාගේ අතින් මා ගළවා ගන්නය කියාවත්, පීඩාකරන්නන්ගේ අතින් මා මුදන්නය කියාවත් මම කීයෙම්ද?
“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.
සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.
මට යමක් දෙන්න කියා වත් මා වෙනුවෙන් අල්ලසක් දෙන්න කියා වත්,
හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න; මාගේ වැරදි පෙන්වා දෙන්න; මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි.
සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
නුඹලාට ඔහු ආපසු මිල දී ගත හැකි ය. ඔහුගේ සහෝදරයෙකුට හෝ