ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 6:19 - Sinhala New Revised Version 2018

තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය; ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය; ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තේමාහි ගමන්කාර හමුදාවෝ ඒවා ගැන බලා සිටියෝය, ෂෙබාහි සමූහයෝ ඒවා බලාපොරොත්තුවුණෝය.

පරිච්ඡේදය බලන්න



යෝබ් 6:19
11 හුවමාරු යොමු  

කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.


හදද්, තේමා, ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා යන මොවුහු ය.


ජොක්ෂාන්ට දාව ෂෙබා සහ දෙදාන් ඉපදුණෝ ය. දෙදාන්ගේ පුත්‍රයෝ නම් අෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුම්මි ය.


ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.


ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.


තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති. එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති.


තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;


නුඹලා වෙත පැමිණෙන පිපාසිත සෙනඟට බොන්න වතුර දෙන්න; තේමා රටේ වැසියෙනි, නුඹලාගේ පිහිට සොයා පලා එන්නන්ට කන්න දෙන්න.


දෙදාන්, තෙමාන් හා බුස් යන නගරවලටත්, තමන්ගේ ඉසකේ කොටට කපන සියල්ලන්ටත්,