Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 6:20 - Sinhala New Revised Version 2018

20 ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි; එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි; එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය; ඔව්හු එතැනට පැමිණ වියවුල්වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 6:20
8 හුවමාරු යොමු  

ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක් ද ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක් ද සියොනෙහි තබමි, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා අය කිසි සේත් ලජ්ජාවට නොපැමිණෙති.”


එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.


ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.


මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”


ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය. ඔබ කවුරුත් කූට වෙද්දු ය.


එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත. මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති.


විපත්ති දවසේ දී චපල මිනිසෙකු කෙරේ විශ්වාසය තැබීම, දිරා ගිය දතක් ද කොර කකුලක් ද ඇති ව සිටීම මෙනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්