යෝබ් 40:3 - Sinhala New Revised Version 2018 එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය: Sinhala New Revised Version එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය: Sinhala Revised Old Version එකල යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: |
යම් කෙනෙකු දෙවිඳුන්ට මෙසේ කීවොත්, එනම්, ‘මම දඬුවම් වින්දෙමි; මින්පසු තවදුරටත් වැරදි නොකරමි;
“ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.
“සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි.
තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.
ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.