යෝබ් 4:1 - Sinhala New Revised Version 2018 එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය: Sinhala New Revised Version එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය: Sinhala Revised Old Version එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ: |
ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.
“මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද? අනේ! මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද?
තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.
ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?
ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?