ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 39:19 - Sinhala New Revised Version 2018

ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද? ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද? ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ අශ්වයාට වෙර දුන්නෙහිද? ‍ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළඳෙවුවෙහිද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 39:19
11 හුවමාරු යොමු  

ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි.


උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද?


ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.


උගේ ගෙල අති බලසම්පන්න ය. ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති.


මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.


සවි බලැති අසුන්ගෙන් එතුමාණන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමාණන්ට වැඩක් නැත.


ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.


සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සකල ලොව පිහිටෙවු සේක.


එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක.


‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද


එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ.