ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.
යෝබ් 38:12 - Sinhala New Revised Version 2018 ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද? Sinhala New Revised Version ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද? Sinhala Revised Old Version එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට, |
ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.
‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
හත්දින්න ද මුවසිරස ද මවාලන, රෑ අඳුර එළිය කරන, දිවා එළිය රෑ කරන, මුහුදු දියට හඬගසා පොළොව පුරා ගලා යවන, පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක.
ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි.