ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 36:20 - Sinhala New Revised Version 2018

ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ජනයන් තමුන්ගේ ස්ථානයෙන් සිඳිනු ලබන රාත්‍රියට ආශා නොවෙන්න.

පරිච්ඡේදය බලන්න



යෝබ් 36:20
16 හුවමාරු යොමු  

ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.


අනේ! ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය දී, මට කාලාන්තරයක් නියම කොට මා සිහි කරන සේක් නම්, මම කැමැත්තෙමි.


ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.


එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා දන්න බැවින්, ඔවුන් සුන් වන ලෙස රැයේ දී ඔවුන් පෙරළාදමන සේක.


ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.


දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා!


මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය; මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි.


ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි.


එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.